අසමිමත නාට්‍යයේ විකාශනය
මෙම නාට්‍ය කලාවට අසමිමත හෙවත් න්‍යාය විරෝධී යන නම තැබීමට පාදක වූ හේතූන් විභාග කර බැලීම යෝග්‍ය වෙී. 1942 වර්ෂයේ දී අැල්බෙයා කැමු විසින් ( ද මිත් ඔෆ් සිසිෆස් ) නමින් වර්තමාන යුගයේ මිනිසා ගේ හදවත ගවෙීෂණය අරභයා මනුෂ්‍ය ස්වභාවය හදුනාගැනීමට ගත් තැතක් වශයෙන් ලියූ ගන්ථයෙහිලා සදහන් කළ නිර්වචනය මෙහිලා මූලික වෙතැයි විචාරකයෝ සලකති.
තර්කයෙන් ගහණය කළ හැකි ලෝකය ඒය කොතරමි වැරදි සහගත වුවත් හොදින් දැන හැදින ගත් ලොවකි. ඒහෙත් හදිසියේ ම කල්පිතය බිද වැටුණු අාලෝකය නිවී ගිය විශ්වයක් තුළ මිනිසාට තමා හුදකලා වූවකු බව දැනේ. නැති වී ගිය වාසභූමිය පිළිබද ස්මෘතීන්ගෙන් මෙන්ම අනාගතයේදී හමුවන පාරාදීසයක් පිළිබද අපේක්ෂාවෙන්ද මිදුණු ඔහුට තමා අාගන්තුකයෙකු බව දැනේ. මිනිසා හා ඔහුගේ ජීවිතයත් නළුවා හා ඔහුගේ පසුතලයත් අතර සිදු වූ මෙම විසංයෝගය විසින් සත්‍ය වශයෙන්ම අසමිමතභාවය පිළිබද හැගීමක් ජනිත කරවයි.
ෆාන්ටිස් කාෆ්කා ගැන ලියූ ලිපියක ලා යුජින් අයනෙස්කෝ ද මෙම යෙදුම පිළිබද ඔහුගේ මතය පකාශ කළේය. අසමිමතය යනු අරමුණකින් තොර වීමය......තම අාගමික පාරභෞතිකවාදී හා ලොකෝත්තර වශයෙන් වූ මුල් සිද ගැනීමෙන් මිනිසා අතරමං වී අැත; මිනිසා ගේ සකලවිධ කියාවන් අර්ථශුන්‍ය අසමිමත නිෂ්පයෝජන තත්වයට පත් වී අැත.
අසමිමත හෙවත් න්‍යාය විරෝධී රංග කලාව ගැන විමර්ශනාත්මක ගන්ථයක් ලියා අැති මාටින් ඒස්ලින් දමෙම නාට්‍ය ව්‍යාපාරයේ පසුබිම පිළිබදව මෙසේ හදුන්වා දෙයි: මෙම අාකල්පයේ මුඛය ලක්ෂණය වූයේ පෙර පැවති කාලපරිචිඡේදයන් පිළිබද නිශ්චිත හා ස්ථිතික සංකල්ප අතු ගෑ දැමීමය. පර්යේෂණයට ලක් කිරීමෙන් ඒවායේ ලුහු බව පත්‍යක්ෂ කොට ගෙන බාල බොළද කල්පිතයක් ලෙස ඒවා ගර්හාවට ලක් කරනු ලැබ අැත. දෙ වැනි ලෝක මහා සංගාමයේ අවසානය වන විට පරිහානියට පත් වෙමින් තිබූ අාගමික භක්තිය වෙනුවට ජාතිකත්වය හා ඒකාධිපතිත්වය වැනි කල්පිතයන් තුළ විකල්ප අපේක්ෂාවන් ගොඩ නැගී තිබුණි. යුද්ධය නිසා සියල්ල සුණු විසුණු වී ගියේ ය. ජීවිතයේ සියලු අරැත් සුන් වී අැති බැවින් මිනිසා දිවි නසා ගැනීමෙන් තම විමුක්තිය නොසොයන්නේ මන්දැයි යන අදහස 1942 වන විට අැල්බෙයා කැමු හිමින් සීරැවෙී ඒළි දක්වමින් සිටියේය.
සමාජ අර්බුදය යුද්ධය හා ව්‍යසනය හමුවෙී හිරෝෂිමා නාගසකි පරමාණු විනාශයෙන් පසුව සංවෙීදී ජපාන කලාකරැවන් කෙරෙහිද මෙම අසාර දර්ශනය ඒක සේ බල පෑ බව මෙහිලා තහවුරු කිරීම වටී.
ඒචි.ඒමි.ඒල්.පී.හේරත්
A/11/238
No comments:
Post a Comment